‘මයුරා මැදුර හිටපු ජනපතිට දෙන්නේ නෑ‘


නාවල පිහිටි පීකොක් මන්දිරිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදිංචියට නොදෙන බවත්, තමා එම තීරණයට එළඹියේ ව්‍යාපාරික පැත්තෙන් බවත්, ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා කියයි.

‘රට බේරා ගත් නායකයා විදියට හිටපු ජනාධිපතිට මගේ ඒ ගේ පදිංචියට දෙන්න හිතුවා. නමුත් ව්‍යාපාරික පැත්තෙන් බැලුවොත් එය මගේ ව්‍යාපාරයන්ට බාධාවත්. මට හිටපු ජනාධිපතිත් ඕනෑ. මේ රජයත් ඕනෑ. ඒ නිසා මා ඔහුට ගේ දෙන්නේ නැහැ.‘

 රහස් පොලිසිය පීකොක් මන්දිරය ගැන තමාගෙන් ප්‍රශ්න කළ බව ද, ඊට අදාළ සවිස්තර තොරතුරු ලබා දුන් බව ද ඔහු පවසයි.

පීකොක් මන්දිරය තමා වෙනත් පාර්ශ්වයකට විකුණා ඇත්දැයි සොයා බලන ලෙස තවත් ලිපියක් රහස් පොලිසියට බාර දුන් බව ද ඔහු පවසයි.