‘මයිකල් ගුණරත්න’ කුසලානය සා. තෝමස් විදුහලට


‘මයිකල් ගුණරත්න’ කුසලාන සඳහා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන රග්බි තරගයෙන් ලකුණු 29-20 ක ජයක් ලැබීමට සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ. සාන්ත තෝමස් විදුහල මෙම තරගය ජයගත්තේ වසර 8 ක පසුවය. මෙම තරගය කොළඹ හැව්ලොක්ස් පිටියේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්විණි.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 22-8 ක් ලෙස සාන්ත තෝමස් විදුහල පෙරමුණේ පසු විය.

ජයග‍්‍රාහි සාන්ත තෝමස් විදුහල් පිල ගෝල 3 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය. රාජකීය විදුහලට ගෝලයකින් සහ උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබිණ.

සාන්ත තෝමස් විදුහල අවසන් වරට මයිකල් ගුණරත්න කුසලානය දිනාගත්තේ 2005 වසරේ නාමල් රාජපක්‍ෂගේ නායකත්වයෙනි.

 

(●●)