‘මම ෆ්‍රීලාන්ස් මිනිහෙක්‘


‘විවාහක කෙනෙක් අනියම් භාර්යාවක් තියාගෙන ඉන්නවා ඔහු වැඩිපුර ආදරය කරන්නේ අනියම් භාර්යාවටයි. දික්කසාද වෙලා ඉන්න මට අනියම් භාර්යාවක් නැහැ. මම ෆී‍්‍ර ලාන්ස් (නිදහස්) මිනිහෙක්” යැයි මහාමාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ යෝජනා අයවැයට ඇතුළත් නොකරන්නේ නම් තම පක්ෂයේ සහය ලබා නොදෙන බව ද කී ඔහු ජාතික ආණ්ඩුවක් ඇති කර ගැනීමට අවබෝධතා ගිවිසුම් අත්සන් කළ පමණින් එක්සත් ජාතික පක්ෂයේ සියලු කටයුතුවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොලැබෙන බව පැවසීය.

ඒකාබද්ධ විපක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය හොර රහසේ දැමූ “ඩීල්“ දැන් එළිපිටම දකින්නට ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී අද (06) පස්වරුවේ පැවති අවස්ථාවට සහභාගි වෙමිනි.