‘මම සභාපතිනම් කරන දේ දන්නවා‘


‘පක්ෂය සම්බන්ධ තීරණ ගත යුත්තේ පක්ෂයේ සභාපති. මම පක්ෂයේ සභාපති වෙලා හිටියනම් කරන්න ඕන දේ මම දන්නවා අනික් අයගේ අතේ තියන ඒව ගැන කියන්න මම දන්නෙ නෑ‘ හිටපු ජනපතිනිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු මහින්ද රාජපක්ෂ මහතා සමග වෙනත් පක්ෂයක් සෑදීමට යෑම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් පැවසුවාය.

යුද්දය අවසන් කළ පමණින් රටට සාමයක් ඇති නොවන බවත් එසේ ඇතිවන සාමය තාවකාලික බවත් කුමාරතුංග මහත්මිය අද (25) ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයේ පැවැති මධ්‍යම පළාත් තෛපොංගල් උත්සවයට එක්වෙමින් කීවාය.

මහ ජාතිය සිංහල ජාතිය කියලා පසුගිය රජයන් විසින් අනිකුත් ජාතින්ට ඔවුන්ගේ අවස්ථාවන් නොදි මග ඇරිම නිසා පසුගිය රජයන් තමන්ගේ දේශපාලනික අවශ්‍යතාවයන් සපුරා ගැනිමට මුස්ලිම් විරෝධි දේශපාලනය, දෙමළ විරෝධි දේශපලනය කියා ජාතිවාදය වැපිරූ බවත් හිටපු ජනපතිනිය කීවාය.

pasal-sisun-ge-narthanayan--3-DSC02225 thaipongal-utsawayata-sahabagi-vi-1-DSC02221 thaipongal-utsawayata-sahabagi-vi-5-DSC02206