‘මම රැහේ උන් සමගයි‘


‘දේශපාලනඥයෙක් විදියට මමත් යම්කිසි කාලයක් පත්තරකාරයෙක් විදියට පොළොන්නරුව සමූහ වාර්තාකරු ලෙස වැඩ කළා. ඒ නිසා මමත් යම් කොටසක් ඒ අත්දැකීම් ලබා තිබෙනවා. ලංකාවේ පත්තරකාරයෙක් ජනාධිපති වෙච්චි පළවැනි වතාව මෙය ලෙස මම හිතනවා. රැහේ උන්ට සලකන්න ඕනේ රැහේ උන්ගේ නායකයා වුණාම‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (30) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ 6 වැනි නියෝජිත සමුළුව අමතමින් පැවසීය.

පූර්ණ කාලීන ප්‍රාදේශිය ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සමුළුව හා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ සම්මන්ත්‍රණය ද එහිදී පැවැත්විණි.

‘මාධ්‍යවේදීන් ඇතැම් අවස්ථාවල බොහෝ පීඩාවට ලක්වෙනවා. මේ රටේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මාධ්‍යවේදීන් වගකීම ඉටු කිරීමේදී ජනතාවගේ අයිතිය සුරක්ෂිත කළ යුතුයි. තොරතුරු දැනගැනීමේ පනත පසුගිය කාලයේ සම්මත කරගන්න අපිට පුළුවන් වුණා. පොළොන්නරුව ප්‍රාදේශිය වාර්තාකරුවන් කොළඹ ඉන්න මාධ්‍යවේදීන් දන්නවා මම මන්ත්‍රී කෙනෙක් ඇමැති කෙනෙක් ලෙස ඉන්න විට මගෙන් කිසිම හිරිහැරයක් නොවුණු බව. රජය මාධ්‍යවේදියාගේ අයිතිය සුරක්ෂිත කරනවා. මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ සංදේශය අනුව වෘත්තීය ඉල්ලීම් ලබාදීමට කටයුතු කරනවා‘ යැයි ද ජනපති කීය.

වීඩියෝ - සෙනරත් බණ්ඩාර

DSC_5832 DSC_5842 DSC_9657 DSC_9673

ඡායාරූප - ඉෂංක සුනිමල්