‘මන්ත්‍රීවරුන්ගේ විනය හැදිය යුතුයි‘


පාර්ලිමේන්තුව තුළ විනයක් නැතිව හැසිරෙන මන්ත්‍රිවරුන් ගැන තීරණ ගැනීමේ බලයක් කතානායකට වඩා ඒ මන්ත්‍රිවරු නියෝජනය කරන පක්ෂ නායකයින් ගත යුතු බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (20) මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසිය.

‘පසුගිය කාලයේ පක්ෂයක් හැටියට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට විශාල ප්‍රමාණයක් ඇගිල්ල දික් කරන්න පටන් ගත්තෙ පක්ෂයෙ මන්ත්‍රිවරුන්ගෙ හැසිරීම සම්බන්ධව. පක්ෂ නායකවරු හා කථානායක මේ වගේ විනයක් නැතිව හැසිරෙන මන්ත්‍රිවරු ගැන ඉදිරියේදී ක්‍රියා මාර්ගයක් ගනියි කියා මා සිතනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගෙ කාලෙ කළ විදිහට හොරු අල්ලන්න අපට බෑ. අද අපි හරි ක්‍රමවේදයකට නීතිය අධිකරණයට භාර දීල තියෙනවා. අපි ඒක අතට අරගෙන නෑ.‘ යැයිද රණතුංග මහතා කීවේය.