‘මන්ත්‍රීවරියන්ගෙන් කිසිම පැමිණිල්ලක් නෑ‘


පාර්ලිමේන්තු මන්ත්‍රීවරියනට පාර්ලිමේන්තුවේ දී සිදුවන බලපෑම් පිළිබඳ වහා සොයා බලන බවත් එවැනි අප්‍රසන්න සිදුවීමක් ගැන කරුණු තහවුරු වුවහොත් පක්ෂය හෝ තරාතිරම නොබලා ඔවුනට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බව කථානායක කරු ජයසූරිය මහතා කියයි.

නමුත් එවැනි පැමිණිල්ලක් හෝ චෝදනාවක් මෙතෙක් කිසිදු මන්ත්‍රීවරියක තමාට හෝ වගකිව යුතු නිලධරයකුට හෝ ඉිරිපත් කර නැති බවද කථානායකවරයා කීය.