ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මධ්‍යම කාරක සභාවේ බහුතර කැමැත්ත අනුව පත් කළ බව හිටපු ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා අද සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
මහින්ද රාජපක්ෂ මහතා ද ඊට සහභාගී වී සිටියේය.
මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න ඇසූ අතර සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේ සඳුදා දෙකට තවත් මධ්‍ය හමුවක් පවත්වන බවයි.

