‘මත්තලට ගුවන්යානා සහරාවට වැස්ස වගේ‘ - රනිල්


ලෝකයේ ලොකුම පිහිනුම් තටාකය ඇත්තේ හම්බන්තොටයි. මහින්ද රාජපක්ෂ ජනපති සමයේ හම්බන්තොට ඉදිකළ වරායට නැව් ගෙන එන එක ලොකු ප්‍රශ්නයක්. හම්බන්තොට පාරවල් නම් තියෙනවා. ඒත් ඇත්තේ පාරවල් පමණයි මිනිසුන් නෑ. කර්මාන්තත් නෑ. හම්බන්තොටට කර්මාන්තද වරායට නැව්ද ගෙන ඒමට කොහොමහරි උත්සාහ ගන්නවා. ඒ ටිකත් කරනවා. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපොළක් තියෙනවා. එම ගුවන්තොටුපළට ගුවන් යානා ගෙන ඒම හරියට සහරා කාන්තාරයට වැස්ස ගෙන එනවා වගේ වැඩක්.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් දැක්වූයේ ස්වාධීන රූපවාහිනියේ සාකච්ඡාවකට එක්වෙමිනි.

‘දැන් සමහරුන් කෑ ගහන්නේ දුටුගැමුණු රජ්ජුරුවන් අල්ලස් කොමිසමට ගෙනිච්චා වගෙයි. දැන් රජ කරන්නේ නීතිය බව ඔවුන්ට අමතකයි. හිටපු ජනපතිට අල්ලස් කොමිසමට එන්න කියා තිබුණේ ප්‍රකාශයක් ගන්න. වෙනදේකට නොවෙයි. ඉතින් ඇයි ඇවිත් ප්‍රකාශයක් දෙන්න බැරි?‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන රූපවාහිනියේ සත්‍යාගාරය වැඩසටහනට සහභාගී වෙමින් කීවේය.

රට බෙදීමට තමා උඩගෙඩි දෙන බවට නැගෙන චෝදනා අසත්‍ය බවත්, තමා එවැන්නකු නම් ප්‍රභාකරන් මේ රටේ පාලකයා ලෙස තමන් පත් කරගන්නා බවත්, නමුත් 2005 දී මහින්ද රාජපක්ෂ ප්‍රභාකරන් හා එක්ව තමා පරාජය කළ බවත්, ප්‍රභාකරන්ගෙන් පසු 2010 දී කේපී අල්ලා ගත් බවත් අගමැති අනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

(සම්පූර්ණ සත්‍යාගාරය වැඩසටහන පහත වීඩියෝවෙන්.)