‘මත නැති කරන්න ගියොත් ආණ්ඩුවත් නැති වේවි‘


‘මත්ද්‍රව්‍ය හා දුම්වැටි තහනම් කිරීමට මා ඕනෑම වෙලාවක කැමතියි. නමුත් එය කියන තරම් ලේසි නෑ. එහෙම කළොත් සමහරවිට ආණ්ඩුවත් පෙරළෙයි. අරක්කු සිගරට් බොන අය ඒ තරම් ප්‍රබලයි.‘ මෛත්‍රිපාල සිරිසේන ජනපති කෑගල්ලේදී අද එසේ ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බළකායේ රැස්වීමක් කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේදී අමතමින් ජනපති එසේ කීවේය.

ඕනෑම වේලාවක මත්ද්‍රව්‍ය තහනම් කිරීමට ජනපති සූදානම් යැයි කී විට සභාවේ සිටි අය අත්පොළසන් දී සතුට පළ කළහ. ජනපති එවිට පැවසූයේ මත්ද්‍රව්‍ය හා දුම්වැටි වලින් රජයට වාර්ෂිකව රුපියල් කෝටි 11,500 ක බදු ලැබෙන බවයි.

මත්ද්‍රව්‍ය වලින් කෝටි 6000 ක්ද දුම්වැටිවලින් කෝටි 5500 ක් ද බදු රජයට ලැබෙන බව ජනපති කීවේය.

කළ යුතු හොඳම දේ මතට හා දුමට ඇබ්බැහි වූවන්ද ඇබ්බැහි නුවූවන්ද දැනුවත් කර ඔවුන් ඉන් වළක්වා ගැනීම බව ද මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේය.

Kegalle_201511162921 Kegalle_2015111629221 Kegalle_2015111629222 Kegalle_2015111629322 Kegalle_20151116293452 Kegalle_20151116293472 Kegalle_20151116293482