මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ආරාධනයක් අනුව එහි ගිය බොදු බල සේනා හා තවත් සංවිධාන කිහිපයක පිරිසක් හා තවත් පාර්ශවයක් අතර මඩකලපුවේදී හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවූ බව මඩකලපුව පොලිසිය කියයි.
සෙනසුරාදා මඩකලපුවේ පැවැත්වීමට නියමිතව තිබූ වැඩසටහනකට එරෙහිව පොලිසිය උසාවි නියෝගයක් ලබාගෙන තිබූ අතර එහි ගිය පිරිසට මඩකලපුවට ඇතුළුවීමට නොදීම හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
මේ වනවිට එහි තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇතැයි පොලිසිය පවසයි.