‘මටත් නිදහසක් නෑ‘


‘නිදහස් දවසේ අපේ නිදහස නැති කරලා තියෙනවා මම වසරක් තිස්සේම කොමිසම් වල මගේ පවුලේ අයත් කොමිසම්වල අපේ පක්ෂයේ නායකයා ජනාධිපති වෙලා ඉන්න වෙලාවක පක්ෂයේ අනුශාශකත්වය දරන මට නිදහසේ ඉන්න පුළුවන්ද කියලා තමුන්නාන්සේලා දන්නවා මට මේ දේවල් හොඳට පුරුදුයි පක්ෂය වෙනුවෙන් හිරේ ගිය, පක්ෂය වෙනුවෙන් ගුටි කාපු මට මේ දෙවල් දරාගන්න පුළුවන් ඒත් අපේ පක්ෂයට මේ කරන හතුරුකම දරාගෙන ඉන්න බෑ‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොච්චිකඩේදී පැවසීය.

අපේ පක්ෂයේ පාක්ෂිකයා විඳින දුක මට දරා ගන්න බෑ. මම එදා සියලු දේ අත හැර තංගල්ලට ගියේ විවේකයෙන් ඉන්න ඒත් අපේ පාක්ෂිකයෝ මට එහෙම ඉන්න දුන්නේ නෑ. ඒ පාක්ෂිකයා රැකගන්න ඒ පාක්ෂිකයා අරක්ෂා කරන්න විශ්වාස කෙනෙක් නොමැති නිසා තමයි පැරදිලා ගෙදර ගිය මා හොයාගෙන ඒ මිනිස්සු ගෙදර ආවේ. මිනිස්සු නැත්නම් මහ ලොකුවට නමක් තිබුනට වැඩක් නෑ. බෝඩ් ලෑලි පක්ෂ ඕනෑ තරම් තියෙනවා. අද රට වටේම්  මිනිස්සු ඉල්ලන්නේ පාවා දෙන්නෝ ඉන්න පක්ෂයක් නෙමෙයි ඔවුන් ඉල්ලන්නේ තමන් රැක ගන්න නායකයෙක් ඉන්න පක්ෂයක්. මේ රටට රටේ මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න මම ඉඩකඩ හදලා දුන්නා අද ඒක මිනිස්සු භුක්ති විඳිනවද ? මාධ්‍ය අරක්ෂා කරනවා කියලා සපථ කරපු මහත්වරුම අද මාධ්‍යට තර්ජනය කරනවා තාම වසරයි ගියේ. ඒ වෙනසට අද අපේ රටේ විපක්ෂය කියා ගන්නා පිරිස මොකද කරන්නේ ඒ අය තවත් ආණ්ඩුවේ හොරණෑවක් විතරයි‘

web_201625mahinda-1 web_201625mahinda-2