‘මට මඩ ගහන්නේ චම්පික‘ - ටිරාන්


රාඩා ආයතනයේ සිදු වුණැයි කියන වංචාව සම්බන්ධයෙන් තමා පටලවා මඩ ගසනුයේත්  තමාට එරෙහිව කුමන්ත්‍රණය කරන්නේත් ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා රහස් පොලිසියට ප්‍රකාශයක් දී එළියට පැමිණ චෝදනා කෙළේය.

‘දූෂණ විරෝධී පෙරමුණ කියා පෙරමුණක් හදාගෙන එතැනින් තමයි පොලිස්පතිට යොමු කර තියෙන්නේ.මෙය සම්පූර්ණයෙන් මට මඩ ගහන්න මගෙන් පළිගන්න කරන දෙයක්. චම්පික ඇමතිතුමාට මං කියනවා මං නිසි දේකට නැමෙන්නේ නෑ. මට පාඩමක් උගන්වන්න එතුමාට බැහැ. මම මේක ගෙනියන්න පුළුවන් අන්තිම තැනට ගිනිහින් මේ සටන ගෙනියනවා. එතුමා මේකට යොදාගෙන තියෙන්නේ ඔහුගේ ගෙදර වැඩ කරන කොල්ලා වගේ ඉන්න නිශාන්ත වර්ණසිංහ. ‘ යැයි ද අලස් මහතා පැවසීය.

රාඩා ආයතනයෙන් කොටින්ට මුදල් දුන් බවට ලැබුණු තොරතුරු අනුව ඒ ගැන පැමිණිලි කළ බවත්, කොටින්ට උදව් කරන කිසිවකුට ගැලවීමට ඉඩ නොතබන බවත්, කිසිවකුගේ තර්ජනවලට බිය නොවන බවත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (10) බත්තරමුල්ල පක්ෂ කාර්යාලයයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

රාඩා යනු මහින්ද රාජපක්ෂ රජය සමයේ 2006 දී පිහිටවූවකි. එහි සභාපති වූයේ ටිරාන් අලස්ය.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා ද ඒ ගැන අදහස් දැක්වීය.

ටිරාන් අලස්, චම්පික රණවක සහ නිශාන්ත වර්ණසිංහ මහත්වරු දැක්වූ අදහස් පහත වීඩියෝවලින්...

(වීඩියෝ සහ ඡායාරූප තරිඳු ජයවර්ධන සහ ජයමාල් චන්ද්‍රසිරි)

ටිරාන් අලස් මහතා - (වීඩියෝ ජයමාල් චන්ද්‍රසිරි)

චම්පික රණවක මහතා - (වීඩියෝ තරිදු ජයවර්ධන)

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා -  (වීඩියෝ තරිදු ජයවර්ධන)

(ඡායාරූප තරිදු ජයවර්ධන)

  IMG_20150410_104307 IMG_20150410_110746