‘මට ගහන හැම ගැහිල්ලකටම ඉඩදෙනවා‘


‘අද සමහර මාධ්‍ය මිත්‍රයින් ගහන ගැහිලි දිහා බලපුවාම සමහරවිට ඒ අය හිතනවා ඇති අපිට ගහන්න මෙහෙම තරම් ජනාධිපති කෙනෙක් නම් හම්බුනේ නෑ කියලා ඇති. උඩ පැන පැන ගහනවා. හරවා හරවා ගහනවා. වට්ටලා නැගිටලා ආයේ ගහනවා. මම සතුටු වෙනවා ඒ හැම ගැහිල්ලකටම මම ඉඩ දීලා තියෙනවා‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (25) ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 61 වැනි සංවත්සරය වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකට එක්වෙමින් පැවසීය.

‘2015 ජනවාරි මාසේ 8 වැනිදාට පෙර ඔය ගහන අයට ඔය පිටකොන්ද තිබුණානම්, ඔය වීරත්වය තිබුණානම් ඔය දක්ෂකම තිබුණානම් කොච්චර හොඳද කියලා මම අහනවා. නමුත් ඒ සියල්ල රට හැර ගියේ මාධ්‍යවේදීන්ගේ ජීවිත ඝාතනය වුණේ පවුල් පිටින් බරපතල ඛේදවාචකයන්ට ලක්වුණු යුගය සිහිපත් කරමින් ඒ ගහන ගැහිල්ල ගහන්න‘ යැයි ජනපති කීවේය.

RDS_2312 RDS_2338 RDS_2362