එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසන සංවිධායක ධූරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත බාරදීම අද (2) රනිල් වික්‍රමසිංහ අගමැති ගේ මූලිකත්වයෙන් සිදුවිය.
තමන් පත්කළ මහ බැංකුවේ අධිපති පිළිබඳ බැඳුම්කර චෝදනා නැගුණු බවත් රාජපක්ෂ රෙජීමය ප්‍රශ්න හා ගැටලු වසන් කළත් යහපාලන ආණ්ඩුව එසේ නොකරන බවත් තමන්ට එල්ලවූ චෝදනා පළමුව විභාගයට ගැනීමට කටයුතු කළ බවත් අගමැතිවරයා මාධ්‍ය හමුවේ පැවසීය.