වසර 63කට පමණ පෙර හර්බට් එම් සෙනවිරත්න මහතා ලියූ ගීතයක් අනවසරයෙන් පද මාලාව වෙනස් කර තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි කියන ගායක ඉරාජ් වීරරත්නට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණී රොහාන් අමරසේකර මහතා අතුරු තහනම් නියෝග නොතීසියක් නිකුත් කළේය.
ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.
මියගිය එම් සෙනවිරත්නගේ ‘මට ආලෝකෙ ගෙනදේවි‘ ගීතය විකෘති කළැයි එහි දැන් හිමිකරුවන් වන ඔහුගේ බරිය ස්වර්ණා ලක්ෂ්මී සෙනවිරත්න සහ පුත් චින්තන සෙනවිරත්න රුපියල් කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා ඇත.

