තම දේශපාලන මූලධර්ම කිසි විටක අනිවාර්ය නිවාඩු යවා නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
වසර දහයක් තිස්සේම පාර්ලිමේන්තුවට වග කියන රජයක් නොතිබූ බවත්, ජනවාරි අට වැනි දා බලයට පත් වූ දින සියයේ රජය පාර්ලිමේන්තුවට වග කියන ආණ්ඩුවක් බවත් ඔහු අවධාරණය කෙළ්ය.
‘මගේ මිත්‍ර මහාචාර්ය ජී ඇල් පීරිස්, බන්දුල ගුණවර්ධන හිටපු ඇමැතිතුමා දැන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන්නෙත් ඒවට උත්තර දෙන්නෙත් මෙග් ඒ මූලධර්ම මා ආරක්ෂා කරන නිසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ප්‍රශ්නය ගැන කමිටුව පත් කළෙත් මම. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළෙත් මම. ඒකයි එදා සහ අද රජයේ වෙනස. ඒ වෙනසයි මහේග මිත්‍ර හිටපු ඇමැතිවරුන් තේරුම් නොගන්නේ.‘

