‘මගේ ජයග්‍රහණය පිටුපස තිබූ යෝධ සෙවනැල්ල අම්මා‘


අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ අටක් ලබාගෙන ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයයේ සිට කොළඹ ආනන්ද විද්‍යාලයයට පැමිණි ඉසුරු මහේෂ් සිසුවා මෙවර කලා අංශයෙන් දිවයිනේ 18 වැනි තැනට පත් විය.

ඔහු උපදින්ම දෑස් නොපෙනෙන සිසුවෙකි.  

පාසල් අධ්‍යාපනය නිමවා නිවසට ගිය පසු ඔහුට ඇසෙන පරිදි පොත් පත් කියවන්නේ ඔහුගේ මවයි.

‘අම්මා රෑ 12, 1 වෙනකම් පොත් කියෙව්වා. මගේ ජයග්‍රහණය පිටුපස ඇති සෙවණැල්ල මගේ අම්මා.‘ යැයි ඉසුරු මහේෂ් තම ජයග්‍රහණය ගැන කතා කරද්දී මුලින්ම කීවේය.

කොළඹ ආනන්ද විද්‍යාලයයේ අද පැවැති උත්සවයක දී ඉසුරු මහේෂ් සිසුවා විශේෂ ඇගයීමකට ලක් විය.

එම උත්සවය ඇමතූ සිසුවා තම පාසලේ සහෝදර සහෝදරියන්ට ඉදිරියට යෑම සඳහා ඔවදන් දුන්නේ තමන් උදාහරණයට ගෙනය.

‘දෙමාපියන්ට කරන ලොකුම ගෞරවය මෙවැනි ජයග්‍රහණයක් අත් කර ගැනීමයි.  මට වගේ නෙවෙයි, ඔබට දෑස් තිබෙනවා. ඔබට පුළුවන් පොත් පත් පාඩම් කරන්න. දෙමාපියන්ට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග එයයි.

උපතින්ම මට ලොකු දෙයක් දෛවය විසින් අහිමි කරලා තිබ්බා. ඒ අහිමි දේ ගැන හිත හිත හිටියා නම් මට තවමත් අඬ අඬ විතරයි ඉන්න වෙන්නේ. තමන්ට තිබෙන දේවල් පාවිච්චි කරලා ජීවිතය ජය ගන්න උත්සාහ කරන්න.‘ යැයි ඉසුරු මහේෂ් කියද්දී උත්සව සභාවේ සිටි බොහෝ දෙනකුඟේ දෑස් කඳුලෙන් තෙත් වී තිබිණි.

DSC_0025 DSC_0032 DSC_0038 DSC_0067