‘ඡායා කැබිනට් එකේ පිරිසුදු මිනිහෙක් ඉන්න ඕනේ මගේ අමාත්‍යංශයේ වැරදි සොයන්න. ඒ කල්ලියේ පිරිසුදු මිනිස්සු නැහැ. අමාත්‍යංශය නිරීක්ෂණය කරනවානම් මම කැමතියි. හැබැයි පිරිසිදු අය. එෆ් .සි. අයි.ඩී , හා සි .අයි .ඩි පරීක්ෂණ යන වේගය ගැන අපි සැහීමකට පත් වෙන්න බැහැ කියලා ජනපතිට හා අගමැතිට කිව්වා‘ යැයි ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවසීය.
ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරියේ පිහිටි නව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයට පැමිණීම නිමිත්තෙන් පැවති උත්සවයේදී ඔහු එසේ කීවේය. ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්වූ අතර මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.