‘මගමරුවා සැකපිට‘


ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වාගේ කොල්ලුපිටිය නිවසේ සේප්පුවෙන් ගිය ඔක්තෝබර් 21 වැනිදා රුපියල් ලක්ෂ 40ට අධික දේශීය විදේශීය මුදල් තොගයක් සොරාගත් සිද්ධියේ සැකකරු රුපියල් ලක්ෂ 11ක රට සල්ලි තොගයක් සමග කොටුව පොලිසිය අද(18) අත් අඩංගුවට ගත්තේය.

අරවින්දගේ සේප්පුවෙන් රුපියල් ලක්ෂ 40ක් සොරාගෙන තිබිණි. අරවින්දගේ සේප්පුව කැරකූ ගමන් විවෘතවූ බව ඔහු පවසා ඇත.

සැකකරු මෙම මුදල් මාරු කිරීම සඳහා කොටුවට පැමිණ සිටි බව පොලිසිය කියයි.

සැකකරු තදින්ම මත්කුඩුවලට ඇබ්බැහිව සිටින්න ඇති බවත් ඇතැම් දිනවල රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් මත්කුඩු පානය කරන බවද පොලිසිය කියයි. ඔහු කොළඹ 7 හැටේවත්තේ පදිංචිකරුවකු බවද පොලිසිය පවසයි.

සැකකරු ගෙවල් බිඳුම් රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බවද පැවසේ.

අරවින්ද සිල්වා මහතාගේ නිවසට සැකකරු ඇතුළුවී ඇත්තේ ඉකුත් ඔක්තෝබර් 21 වැනිදාය.