බෝම්බ ගැසීම්, මංකොල්ලකෑම් හා මුදල් වංචා සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවකු අධිකරණය වෙත රැගෙන යද්දී පැන ගොස් පැය භාගයකින් යළි අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර නිලධරයෝ කියති.
රන්ඔටිගෙදර දිනේෂ් නිෂාන්ත හෙවත් කැළෑ ජෝන් එම පුද්ගලයා බවත්, ඔහු මිය ගිය ජනප්‍රිය ගායකයකුගේ පුතකු බවත් කියති.
ඇඳ සිටි සරම හා කමිසය ගලවා දමා යට ඇඳුම පිටින් දුවද්දී බන්ධනාගාර නිලධරයන් ඔහු හඹා ගොස් අල්ලා ගත් බව ද වාර්තා විය.

