මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවරණයෙන් ජයගන්නා බව ඒකාන්තයි. රට තොට බලන විට, සාමාන්‍ය අංක ගණිතය දන්න ඕනෑම කෙනෙකුට එය තේරුම් යනවා යැයි ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි කොළොන්න ආසනයේ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලයේ රැස්වීමකදී පැවසීය.
‘‘රජය මහජන මතයට එරෙහිව යන බව පේනවා. මේ ගමන හොඳින් අවසන් නොවන බව පේනවා. 89 දි වගේ භීෂණයක් එන හැඩයි. ලේ ගංඟා ගලා යන හැඩයි. එය වැලැක්විය හැක්කේ මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු විපක්ෂ එකමුතුවට ඡන්දය දීමෙන් පමණයි.“
රට ඒකාධිපතිත්වයක් කරා ගමන් කරන බවත් එය වැලැක්විය හැක්කේ මෛත්‍රී ප්‍රමුඛ සන්ධානය බලයට පත් කිරීමෙන් බවත් ඒ හිමියෝ කීහ.

