‘දේශපාලනය භික්ෂුවට සුදුසු නොවේ.කැප ද නොවේ.යම් භික්ෂුවකට දේශපාලනයට එන්නම ඕනෑම නම් ඇත්තේ එකම ක්‍රමයයි සිවුර බුදුන් වහන්සේට භාර දීම පමණයි.
අහුංගල්ලේ සිරි සීලවිසුද්ධි අමරපුර සද්ධම්ම මහා නිකායේ මහා නා හිමියෝ මාදුගඟ කොක්දුවේ පුරාණ රජමහා විහාරයේ උත්සවයකදී එසේ කීහ.
භික්ෂුව දේශපාලන මඩ ගොහොරුවේ නොවැටිය යුතු බවත් භික්ෂුවගේ යුතුකම විය යුත්තේ ඕනෑම පක්ෂයක දායකයිනට එක සේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම බවත් සීල විසුද්ධි හිමියෝ කීහ.

