අනුරාධපුර පරණ බන්ධනාගාරය අසළ භික්ෂු සරසවි නේවාසිකාගාරයේ බලෙන් අද සිව්වැනි දිනටත් රැඳී සිටින 300ක් පමණ ශිෂ්‍ය භික්ෂූන් කෑමට දෙයක් නැතිව කෙසෙල්බඩ තම්බාගෙන කතියි ඔවුන් විසින් මුදා හැරුණු වීඩියෝවක සඳහන් වේ.
සරසවිය දින නියමයක් නැතිව වසා පිටව යන ලෙස නේවාසිකයනට දැන්වුවත් මේ භික්ෂූහු බලෙන් රැඳී සිටිති.
නේවාසිකාගාරයට සැපයෙන විදුලිය හා ජලය කපා ඇත.
නේවාසිකාගාර බිමේ ළිඳකින් ඔවුහු වතුර ගනිති.
සරසවියට පිටින් කෙනකුට යෑමට හෝ එහි සිටින කෙනකුට එළියට ගොස් යළි ඇතුළු වීමට හෝ අවසර නැත.
සරසවි ආරක්ෂක නිලධරයෝ ගේට්ටුව මුර කරති.
වැඩබලන උසස් අධ්‍යාපන ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා පැවසුවේ නේවාසිකාගාරයෙන් පිටවී යන ලෙස ශිෂ්‍ය භික්ෂූන්ගෙන් නමස්කාර පූර්වකව ඉල්ලා සිටින බවයි.

