‘භාවනාවෙන් ස්නායු සමනය කළ හැකිය‘


බෞද්ධ භාවනාව  සහ ස්නායු  වෛද්‍ය විද්‍යාව අතර පවතින  විද්‍යාත්මක සබඳතාවය අවබෝධකර දීමට  ඇමෙරිකා ජාතික භන්තෙ විමලරන්සි මහ තෙරුන් වහන්සේ  පවත්වන දේශනය 22 දා කොළඹ 05 ලෙස්ටර් පේම්ස් පීරිස්  මාවතේ පිහිටි ‘ලයිට් ඔෆ් ඒෂියා‘ පදනමේ පැවැත්වේ.

 මේ දේශනය  දෑරංගල කුසලඥාන හිමියෝ  සිංහලට පරිවර්තනය කරති.

 භාවනාව හා ස්නායු වෛද්‍ය විද්‍යාව පිළිබඳ පර්යේෂණය සිදුකරන ශ්‍රී ජයවර්ධනපුර  විශ්ව විද්‍යාලයයේ ලෝක විශ්ව විද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක මහාචාර්ය වෛද්‍ය රනිල්ද සිල්වා සහ මොරටුව විශ්ව විද්‍යාලයයේ තොරතුරු තාක්ෂණ අංශයේ ආචාර්ය ලෝචන්දක රණතුංග යන මහත්වරු මෙහිදී අදහස් දක්වති.