වලපනේ කොටඹ ශ්‍රීලනිප පාක්ෂිකයන් ජනපති සමාව යටතේ මුදා ගත් ආකාරයට තමනට ද සහනය සලසන්නැයි බෝගම්බර සිරගෙදර වහළට නැඟ සිටි සිරකරුවෝ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ඉල්ලීමක් කර සිය විරෝධය අත්හළහ.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර සාධාරණය ඉටු කරන බව රාජපක්ෂ මහතා ඔවුනට දැන්වීය.
පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීන්ගේ කැමැත්තෙන් කොටඹේ පාක්ෂිකයනට ජනපති සමාව ලබා ගත් බව ඇමැති එස් බී දිසානායක මහතා උඩු නුවර පංසලකදී ප්‍රකාශ කළේය.