ගාලු මුවදොර පිටියේ ඉදිවන ලොව විශාලතම නත්තල් ගස නාස්තිකාර වියදමකැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.
දැන් හෝ එහි වැඩ නවත්වා ඊට වියදම් කරන මුදල් නිවාස නැත්තන්ට නිවාස හදන්නට හෝ දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්නට යොදවන ලෙසත් අගරදගුරු හිමිපාණන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා සමාජයේ පවුල් ඒකකය වඩා ශක්තිමත් කිරීම සඳහා ජනතාවට උදව් කිරීමට සියලු ආගමික නායකයින්ගේ අනුශාසනා සමග කතෝලික සභාව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව ද කී අගරදගුරු ආසියා රදගුරුවරුන්ගේ සම්මේලනයේදී මෙම යෝජනාව සම්මත වූ බවත් එහි අදහස් දැක්වීමට මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි ඇතුළු ආගමික නායකයන් රැසක් එක්වූ බවත් කීය.
අර්ජුන රණතුංග සමාජ සත්කාරය ගාලු මුවදොර පිටියේ ඉදිකරමින් පවතින ලොව ලොකුම නත්තල් ගස සම්බන්ධයෙන් එසේ කාදිනල්තුමන් අදහස් දැක්වූ අතර එය ඉදිකිරීමට කෙතරම් මුදලක් වියදම් කරන්නේ දැයි දැනගන්නට නැත. යකඩ, ඉවතලන පිටත ලී, කුකුළු දැල් හා ෆයිනල් මල් උපයෝගී කරගනිමින් උස අඩි 325කින් යුක්තව එය ඉදිකිරීමට සැලසුම් කැර ඇත. මෙහි ඉදිකිරීම් අගෝස්තු 18 වැනිදා ඇරැඹිණි. දෙසැම්බර් 22 වැනිදා එය නිම කිරීමට නියමිතය. නත්තල් දා සිට දින 10ක් එය ගාලු මුවදොර පිටියේ ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.
මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රි ලංකා වරාය අධිකාරියේ සේවකයෝ ස්වකැමැත්තෙන් දායකත්වය ලබාදෙතියි කියති.
ඉදිකරමින් පවතින නත්තල් ගස