‘බොරු රා එපා‘ : මන්නාරම ගෑනු වීදි බසිති


කෘත්‍රිම රා බීමෙන් මන්නාරමේ බොහෝ පිරිසකට ලෙඩ රෝග මෙන්ම පවුල් ජීවිතයට බලපෑම් රැසක් එල්ල වී ඇති හෙයින් බෝතල් රා තහනම් කරන ලෙස ඉල්ලා මන්නාරම් අඩම්පන් වැසියෝ පිරිසක් අද (26) උද්ඝෝෂණයක් කළහ.

මන්නාරම අඩම්පන් නෙඩුන්කණ්ඩාල් ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිටදී ආරම්භ වූ මෙම විරෝධතාවට  ගොවි සංවිධාන හා කාන්තා ග්‍රාම සංවර්ධන සමිති විසින් සංවිධානය කැරිණි.

picket_926 picket_9262 picket_9263 picket_9264 picket_9265