”පොකුණකි එය පැරණි මහනෙල් සුවඳ දුනි
කුඩ මසු බොහෝ ගැවසුණි. කෙකටිය කුළුණු යට දඟයේ වෙලී පැටලූණි.
පොකුණු දිය බොර වුණි දිනෙක කළුවර දුරුවුණි....
බොරදිය පොකුණ පෑදුණි නුහුරු සුවඳක් විහිදුණි.
පැරණි නෙළුමක් දියෙන් මතු වුණි.”
මේ දිනවල තිරගත කෙරෙන සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ සුනිල් ධර්මසිරි නිෂ්පාදනය කළ ”බොරදිය පොකුණ” සිනමා නිර්මාණය සඳහා වන මාධ්‍ය දැක්ම වෙනුවෙන් අපට ඒවා තිබුණු ඇරයුම් පතෙහි එලෙසින් සඳහන්ව තිබිණි. මේ බොරදිය පොකුණ චිත‍්‍රපටය නිර්මාණය වූයේ මීට වසර 12කට පමණ පෙරදීය. නමුත් විවිධාකාර හේතූන් නිසා මෙය තිරගත වීම අත්හිටුවා තිබිණි. දැන් ඒ වාරණයෙන් පසුව බොරදිය පොකුණ තිරගත වීම ඇරඹී තිබේ. එදා එහි රඟපෑමට එක් වූ ශිල්පීන් පිරිස පවා අද වයසින් මුහුකුරා ගොසිනි. ප‍්‍රවීන රංග ශිල්පිණි කෞෂල්‍යා ප‍්‍රනාන්දු ද ඒ අතර සිටී. එදා ”බොරදිය පොකුණට” ඇය එක් වූ හැටි සහ අද ඇයට එය දැනෙන හැටි පවසන්නට අපි ඇය සැඳැල්ලට කැඳවීමු.
”කෞෂල්‍යා” වසර 12කට පමණ පෙර රඟපෑ ”බොරදිය පොකුණ” චරිතයේ අතීතයට ගියොත්?
ඇත්තටම බොරදිය පොකුණ චිත‍්‍රපටයේ එදා මම රඟපෑමට එක්වුණේ රංගනය ගැන ගැඹුරින් හිතන්න, අධ්‍යයනය කරන්න, උනන්දුවxආසාව තදින්ම තිබූ කාල සමයකදියි. ඒ හැරත් අදට වඩා නිදහස් මානසික පරිසරයක් පවා ගොඩනැගී තිබුණු කාලයකදීයි. ඒ නිසා සීයටxසීයක්ට වඩා සීයටxදෙසීයයකින් එදා ඊට කැප වී රඟපෑමට හැකි වුණා.
අද රඟපෑමට ප‍්‍රවේශවීමේදී ඔය කියන නිදහස් මානසික පරිසරය නැද්ද?
මම කියන්නෙ මගේ ජීවිතය වටා ඇති පරිසරය ගැනයි. එදා මම විවාහ වෙලා සිටියේ නැහැ. දරුවෝ හිටියේ නැහැ. බැඳීම් තිබුණෙ අඩුවෙන්. එදා මම හිටියෙ පවුල කියන රාමුවෙ නෙවෙයි. ඒ නිසා සැහැල්ලූවක් තිබුණා. ඒ ගැනයි මම කිව්වේ. මේක ඕනෑම සමාජයක ජිවිත ගලායන ස්වභාවයයි. අද රංගනයට අමතරව මම සරසවියේ බාහිර කතිකාචාර්යවරියක ලෙස කටයුතු කරනවා. ඊට අමතරව නාට්‍ය හා රංග කලාව ගැන පුහුණු පාසැල පවත්වාගෙන යනවා. ඊළඟට මගේ පවුල, හැබැයි මම කරන කුමක් හෝ චරිතයකට මේවා බලපෑම් කරන්නෙ නැහැ. නමුත් ජීවිතය ඇතුලෙ ඇති සැහැල්ලූවට එහා ගිය ස්වභාවය ගැනයි මම කිව්වෙ.
කොහොම වුණත් එදා ඔබ දායක වූ මේ චරිතය අදට සාපේක්ෂව ඔබ දකින්නෙ කොහොමද?
මට හැෙඟන විදියට එදාට වඩා අදට මේ චරිතය තේරුම් ගැනීම පහසුවක් වේවි. මොකද එදාට වඩා සමාජය සංකීර්ණ වෙලා, පුළුල් වෙලා. නමුත් ඒ නිසාම එදාට වඩා අද ආසාවන්, හැඟීම්, තණ්හාව වැඩිවෙලා. ආදරය කරනවා නම්, එයින් උපරිම තෘප්තියක් ලබන්න, ව්‍යාපාරයක් කරනවා නම්, එයින් උපරිම ධනයක් එක් රැුස් කරන්න, අන්න ඒ විදියට තමයි සමාජය ගලාගෙන යන්නේ.

මෙම චිත‍්‍රපටය තිරගත කිරීමට මෙතෙක් කාලයක් අවසර නොලැබෙන්න ඇත්තෙ ඇයි?
මෙහි කතාවට අදාලව චරිත විකාශය වීමේදී, ඒවා ගලායන අන්දමට අදාලව තමයි රූප රාමු පෙළ ගැසී තිබෙන්නෙ. නියමාකාරයෙන් කතාවට අදාලව එය සංකලනය වී මුසු වී තිබෙනවා. එහි ඇතුළත් ලිංගික දර්ශනය ඒ නිසා ඊට ප‍්‍රත්‍යක්ෂයි. එය කපා හැර ඉදිරිපත් කිරීම වෙතින් චිත‍්‍රපටයේ උකහා ගැනීම කළ නොහැකියි. ඒත් මීට පෙර වාරණ මණ්ඩල මේ දර්ශන ඉවත් කරන්න යැයි කියා තිබුණා. එසේ තිබියදී 2010 දී පමණ එවකට චිත‍්‍රපට සංස්ථාවේ හිටපු සභාපතිතුමා යම් යම් සංස්කරණයක් සහිතව මෙය තිරගත කරවීමට අවසර ලබා දී තිබුණා.
ඔබ ඔය සඳහන් කළ විදියේ චිත‍්‍රපටයක් අද ඔබගේ පවුලේ අය නැරඹීමෙන්, එය ඔබගේ පවුල් සංස්ථාවට කෙසේ බලපාවීද?
මගේ පවුලේ දෙමාපියන්, ස්වාමිපුරුෂයා ඇතුළු ඒ හැමෝටම ඕනෑ කරන්නෙ ගුණාත්මක තත්ත්වයෙන් මාව හොඳ නිළියක කරවීමටයි. වෘත්තීය ගුණාත්මක බව ලබාදීමටයි. මේ නිසා ඇත්තටම බාහිර දේවල් බලපාන එකක් නැහැ.
ඔබගෙ පවුලේ විස්තර කියමු?
සැමියා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්. අපි දෙන්නට දරුවෝ දෙදෙනයි. ඒ දෙන්නා නිවුන්නු. ඒ දේවල් එක්ක සැමියා සහ මම එකතු වෙලා නිර්මාණශීලී තරුණ පරපුරක් කලාවට දායක කිරීමට සහ උදව් කිරීම උදෙසා අපට හැකි විදියට කටයුතු කරනවා.
පේ‍්‍රක්ෂිකාවක ලෙස ඔබ මේ චිත‍්‍රපටය දකින්නෙ කොහොමද?
මම හිතන්නෙ මෙහි අධ්‍යක්ෂක සත්‍යජිත් මාඉටිපේට මේ චිත‍්‍රපටය එක්ක බොහෝ දේ එයාට අහිමි වුණා. බොහෝ බාධා ඇති වුණා. නමුත් කෙසේ මොන දේ වුවත් මෙය අති විශිෂ්ඨ නිර්මාණයක් බව බොහෝ දෙනා මේ වන විට ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ ගෞරවය ඔහුට හිමි විය යුතුයි. මම කියන්නෙ මේ චිත‍්‍රපටය නැරඹූ පසු ඔබට ඔබගෙ ජීවිතය මෙහි කොතැනකදී හෝ හමුවේවි. යන්න
ගිහින් බලන්න ”බොරදිය පොකුණ” එය සැබෑවක් නොවේද කියා?




