‘බොදු බලෙන් මෛත්‍රීට මෛත්‍රිය‘


විල්පත්තු වන විනාශය පිළිබඳ ජනපති ප්‍රකාශය අගය කළ යුතු බවත් එය 2013 දී විල්පත්තු වන විනාශය පිළිබඳ බොදු බල සේනාව ඇරඹූ අරගලයේ එක් ජයග්‍රහණයක් බවත් බොදු බල සේනා සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සිදුවූ අනෙකුත් වංචා හා හොරකම්ද සොයා බැලිය යුතු බවත් ජාතික ආරක්ෂාවට මේ මගින් අනාගතයේ සිදුවිය හැකි තර්ජන නැති කළ යුතු බවද රටේ වෙනත් ප්‍රදේශවල සිදුවන අනෙකුත් පරිසර හානිද නැවත පැරණි තිබූ තත්වයට ගෙන ඒම කළ යුතු අතර ඒ සඳහා පනත් සංශෝධනය කළ යුතු බවත් එමගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

අද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විල්පත්තු වන විනාශය පිළිබඳ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවැති උත්සවයකදී පැවසීය. අවුරුදු තුනක් ඇතුළත මෙරට වන ගහණය 29% සිට 32% දක්වා වැඩිකරන බවද පසුගිය රජය අන්තර් අමාත්‍යංශ කමිටුවක් මගින් යුද්ධයෙන් අවතැන් ජනතාව පදිංචිකිරීමට අක්කර 3500ක් ලබාදී ඇති බවත් එයට විල්පත්තුව ද ඇතුළත්ව තිබීම හේතුවෙන් මේ ගැටළුව පැන නැගුණු බවත් ජනපති එහිදී කීවේය.

තමා එයට විරුද්ධවූ බවත් විල්පත්තු වනෝද්‍යානය විනාශ නොකර වෙනත් ප්‍රදේශයක ඔවුන් පදිංචි කළ යුතුව තිබූ බවත් ජනපතිවරයා සඳහන් කළේය.