‘බේපික්රේ’ නිසා බොලිවුඩය ගිනිගනියි


2016-10-19-ent-127

ආදිත්‍ය චොප්රා විසින් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කරන ‘බේපික්රේ’ චිත්‍රපටය පිළිබඳව මේ දිනවල බොහෝ පිරිසක් අතර කතා බහට ලක්ව තිබෙනවා.

රන්වීර් සිං හා නවක නිළි වානි කපූර් රංගනයෙන් දායක වෙන මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක් ලෙස ලේබල් ගත කර තිබෙනවා.

සරාගී දර්ශන රැසක් ඇති මෙම චිත්‍රපටයේ වානි හා රන්වීර් සිං අතර උණුසුම් තොල්පෙති සිප ගන්නා දර්ශන බොහොමයක්ද මෙහි ඇතුළත්ව තිබෙනවා.

එදා මෙදාතුර බොලිවුඩයේ මෙවැනි තොල් සිපගන්නා දර්ශන වැඩි ප්‍රමාණයක් ඇති බොලිවුඩ් චිත්‍රපටය බවටද ‘බේපික්රේ’ චිත්‍රපටය පත්ව තිබේ.

මෙම චිත්‍රපටය එළැඹෙන දෙසැම්බර් 09 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතයි.

 

2016-10-19-ent-129
2016-10-19-ent-128