රත්මලාන අත්තිඩිය පාරේ බෙහෙත් ගබඩාවේ ඇතිවූ ගින්න අස්වාභාවික එකක් බවට සැකයක් මතුවන බව උසස් පොලිස් නිලධරයෙක් පවසයි.
ගින්න කඩින් කඩ ඇති වී තිබෙන බවත් එක් තැන ඖෂධ පෙට්ටි කිහිපයක් ගිනි ගෙන එම ස්ථානයේ සිට මීටර් 20ක් පමණ ඈතින් නැවතත් ගිනි ගැනීමක් සිදුව ඇති බවත් ඔහු කියයි.
ගිනි නිවන භටයින් හා පොලිසිය ගින්න වඩාත් පැතිර ඇති ස්ථාන සඳහා ජල ප්‍රහාර එල්ල කිරීමට බැකෝ යන්ත්‍ර යොදාගෙන එහි බිත්ති කැඩීම සිදුකර ඒ කරා ළඟා වුවද එම ස්ථානවලට පහසවෙන් යා හැකි මාර්ග ගබඩාව අභ්‍යන්තරයේ ඇති බව ගබඩාවේ නිලධාරීන් ඔවුන්ට පවසා නැතැයි ද අදාළ නිලධරයා සඳහන් කරයි.
මීට පෙර කළ පරීක්ෂාවකදී එම ගබඩාවේ තිබී කල් ඉකුත්වූ බෙහෙත් ද්‍රව්‍ය හමුවූ බවද වාර්තාවේ.