දේශපාලන පක්ෂ වශයෙන් බෙදී රට පාලනය කිරීමෙන් රටට සුගතියක් අත් නොවන බවත් අධිරාජ්‍යවාදීන් එදා රට බෙදා වෙන්කළේ ශ්‍රී ලාංකිකයන්ගේ අසමගිය හා පිල් බෙදීම නිසා බවත් අදත් එවැනි ලකුණු ඇති බවත් එයින් රටට හානියක් නොවන බවත් අස්ගිරි පාර්ශවයේ නව මහා නායක ගලගම අත්තදස්සි මාහිමියෝ අද (18) සිය නිල නිවසට ගෙවදිමින් ප්‍රකාශ කළහ.
‘අපි කවුරුත් පක්ෂ බේද හා වෙනත් අසමගිකම් දුරැර එක්වී රටේ දියුණුවට යහපතට ක්‍රියා නොකළොත් රටට මහ විපතක් සිදුවෙයි. ඒ තත්ත්වය සියලු දෙනාම සිත්හි තබා ගැනීම වැදගත්‘ රටේ අද සිදුවන පාලනය යහපත් බවද මහා නාහිමියෝ කීහ.
ඡායාරූප හා වීඩියෝ - චමිල් රූපසිංහ






