ශ‍්‍රී ලංකාවේ සිට සෞදිඅරාබි රැකියාව සඳහා යන ශ‍්‍රමිකයෙකු මගින් ඉතා සූක්ෂම ලෙස හෙරොයින් කඩු ග‍්‍රෑම් 37 ක් යැවීමට උත්සාහා කළැයි කියන තිදෙනෙක් අංකුඹුර පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුහ.
සෞදි අරාබියේ රැකියාවක් සඳහා යන අංකුඹුර ගල්හින්න බටගොල්ලාදෙණියේ පදිංචි පුද්ගලයෙකු එරට සිටින පුද්ගලයෙකුට යැවීම සඳහා භාරදුන් බූන්දි පාර්සලයක හොරොයින් තොගය අසුරා තිබූ බව පොලීසිය කියයි. මෙහි හෙරොයින්වලට අමතරව මත් බෙහෙත් විශේෂයක් තිබු බව ද පොලීසිය කියයි .

