බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමට උපකාර කිරීම හේතුවෙන් යහපාලනය හෝ සංහිඳියාව බිඳ වැටෙන්නේ යැයි යමෙක් පවසන්නේ නම්, එවැනි පසුබිමක් තුළ තම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට වුව ද පසුබට නොවන බව දයා ගමගේ මහතා කියා සිටියේය.
ඓතිහාසික දීඝවාපී පුදබිමේ එක් පරිවාර චෛත්‍ය විහාරයක බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම මුල් කර ගනිමින් අම්පාර දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුව උණුසුම් වු අවස්ථාවක ඇමැතිවරයා මේ බව කීවේය.
මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මන්සූර් ගේ ප්‍රකාශකයකට විරෝධය පළ කරමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ , බුද්ධාගමට ප්‍රමුඛතාව දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දිවුරා ඇති සියලු දෙනා එය ක්‍රියාවෙන් ආරක්ෂා කිරීමට බැඳී සිටින බවයි.
‘මුස්ලිම් නායකයෝ, ද්‍රවිඩ පක්ෂවල නායකයෝ, එතකොට ක්‍රිස්තියානි පල්ලිවල ඉන්න ආගමික නායකයෝ හැම කෙනෙක්ම බුදුදහමට මුල් තැන දෙන්න පොරොන්දු වෙලා තියෙනවා . එතකොට අද මේ රටේ බුදුපිළිමයක් තියන එක තහනම් කරන්න කියලා කතා කරනවා නම්, ඒක වැරදී. අපි හැම ආගමකටම ගරු කරනවා. හැම ජාතියකටම ගරු කරනවා. බුදුපිළිම තියන්න එපා කියලා කවුරුහරි කියනවා නම් ඒකට මට එකග වෙන්න බෑ. යහපාලනය නැති වෙන්නේ නෑ බුදුපිළිම තිබුණා කියලා. එහෙම කියනවා නම් මම මේ ඇමතිකම දාලා ගෙදර යනවා. මේ ඇමතිකම ලොකු නෑ මට. හැබැයි කවුරුහරි බුදුපිළිමයක් හදනවා කිව්වොත් මම ඒකට සාධු සාධු කියලා අතගහලා සල්ලි දෙනවා‘ යැයි ද ඇමැතිවරයා කීය.