ලෝක ආහාර සංවිධානයෙන් බීජ සඳහා රුපියල් මිලියන 1000 ක් ලබාදීමට නියමිත බවත් ගොවීන් බිත්තර වී සහල් සඳහා අලෙවි නොකර ආරක්ෂා කරගන්නේ නම් වැඩි මුදලක් ගෙවා ඒවා මිලදී ගැනීමට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව සූදානම් බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතා පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ වී අස්වැන්න 50%ටත් වඩා අඩුවීම නිසා ඉදිරි මහ කන්නයේදී වගා කීරීමට ඇති බිත්තර වී ආරක්ෂා කරගත යුතුව තිබෙන බවත් රට පිළිබඳ සිතා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි බීජ මගින් නිෂ්පාදනය කළ බිත්තර වී ආරක්ෂා කර දෙපාර්තුමේන්තුවට බාරදෙන ලෙස ගොවීන්ගෙන් ඉල්ලන බවත් ඔහු කීවේය.

