‘බැසිල්ට කියන තරම් ලෙඩක් නෑ‘


හිටපු ඇමැති බැසිල් රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය තමා සම්පූර්ණ ලෙස පරික්ෂා කළ බවත් කියන තරම් ලෙඩක් හෝ රෝගී තත්ත්වයක් ඇති බවක් නොපෙනෙන බවත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර උත්පල ආටිගල කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවකින් දැක්වේ.

ගිලන් රියකින් අදත් උසාවියට රැගෙන ආ බැසිල් ගිලන් රියේම රැඳී සිටියේය. මහේස්ත්‍රාත්වරයා පැමිණ ඔහු පරීක්ෂා කළේය. නඩුවේ සෙසු සැකකරුවන් වන හිටපු අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලක , දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.කේ.කේ. රණවක හා දිවි නැගුම බැංකුවේ සභාපති පී.බී.තිලකසිරි ද පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අධිකරණ වෛද්‍යවරයාට නියම කළේය.