‘බැසිල් කළ වැඩේ වැරදියි‘ - එස්.බී


ජාතික ආණ්ඩුව තුළ විවිධ මති මතාන්තර දරන පුද්ගලයන් සිටින බවත්, කුමන දුෂ්කරතා ආවත් ඒවා මැඩගෙන ඉදිරියට ගමන් කරන බවත් සමාජ සවිබලගැන්වීමේ හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය.

පසුගිය කාලයේදී විසඳා ගත යුතුව තිබූ ප්‍රශ්න බොහෝමයක් විසඳා නොගත් බව ද, ඒ සමයේ සිටි අමාත්‍යවරයා ප්‍රශ්න විසඳීමට කිසිදු පියවරක් නොගත් බව ද දිසානායක මහතා කීවේය.

 “දිවි නැගුම පනත ගෙනාවට පස්සේ අපට බොහෝ ප්‍රශ්න විසඳාගන්න තිබුණා. එහෙත් එසේ වූයේ නැහැ. ඒ වගේම මම මේ අමාත්‍යංශයේ සිටියා නම් දිවි නැගුම නමින් දෙපාර්තමේන්තුවක් පිහිටුවන්නේ නැහැ. එය අපි ගත්තු පසුගාමී පියවරක්. 

‘‘ඒ කාලයේ සිටි අමාත්‍යවරයා නිලධාරීන් සමඟ සාකච්ඡා කළේ නැහැ. නිලධාරීන් ද සාකච්ඡාවලට ඉදිරිපත් වුණේ නැහැ. කා අතරවත් සංවාද පැවැත්වුණේ නැහැ. තමන්ගේ සොහොයුරා ජනපති නිසා ඕන දෙයක් කරන්න පුළුවන් කියා හිටපු ඇමැති හිතුවා. අමාත්‍යවරයාගේ කටයුතු කළ ආකාරය වැරැදියි.‘‘ 

ආර්ථික සංවර්ධන හිටපු ඇමැති වූයේ බැසිල් රාජපක්ෂ මහතාය.