‘බැඳුම්කර සිද්ධිය සොයන්න ජනපති කොමිසමක් ඕනෑ‘


බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයාබැලීමට ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බවත් ඒ පිළිබඳ සොයාබැලීමට පත්කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කමිටුව ජනාධිපතිවරයාට යෝජනා කර ඇතැයි ද විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (24) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙයට ඉක්මන් විසඳුමක් දියහැක්කේ ජනාධිපති කොමිසමක් හරහා විමර්ශනය කිරීමෙන් බව නිර්දේශ හයක් ඇතුළත් කමිටු වාර්තාවෙහි සඳහන් කර තිබෙන බවද අමාත්‍යවරයා කීවේය.

ව්‍යවස්ථා සංශෝධනයකදී හෝ නව ව්‍යවස්ථාවක් ඇතිකිරීම සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මතය වන්නේ 1972 ව්‍යවස්ථාව සම්පාදනයේදී අනුගමනය කළ මූලික කරුණු මත පිහිටා කටයුතු කළ බවය යන්න බව කී අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පත්වන මන්ත‍්‍රීවරුන්ට රටේ නීති සම්පාදනය පිළිබඳ වගකීම පැවරෙන බව සියලූ මන්ත‍්‍රීවරුන් අවබෝධ කරගත යුතු බව ද ඔහු කීය.

web20161124_123229

ඡායාරූපය - මනෝජ් හර්ෂික