‘බැඳුම්කර මගින් අහිමි කළ මුදල් යළි ගන්න‘


මහ බැංකු අධිපති අරජුන් මහේන්ද්‍රන්ට සේවා දිගුවක් ලබානොදී මහ බැංකු බැඳුම්කර මඟින් අහිමි කළ මහජන මුදල් යලි අත්පත් කරගැනීමට අවශ්‍ය පරීක්ෂණ දියත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද(28) පැවැසීය.

මහ බැංකු අධිපතිවරයා වරදක් කර ඇති නම් නීතියට අනුව ඔහුට දඬුවම් කළ යුතු බවත් එම කටයුත්ත නොකොට ජනපති හා අගමැති බැඳුම්කර ප්‍රශ්නය කෝප් කමිටුව මත පටවා ජාමේ බේරාගැනීමේ උත්සාහයක නිරත වන බව ද  හෙතෙම චෝදනා කළේය.

සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බවට නගන චෝදනා තරයේ හෙළාදකින බව කී දිසානායක මහතා අජිත් නිවාඩ් කබ්රාල්ලා දූ කෙලියේ යෙදෙද්දී ඔහුගේ සුවච කීකරු ගෝලයන් මෙන් කටයුතු කළ තැනැත්තන් ජවිපෙට ඇඟිල්ල දිගු කිරීම තරම් තවත් විහිළුවක් නැතැයි ද පැවැසීය.

1-(1)