‘බැඳුම්කර පාඩුව පියවන්න නව නීතී ගේන්න‘- ඉරාන්


ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවෙන් රටට සිදුවූ පාඩුව පියවා ගැනීම සඳහා පවතින නීති ප‍්‍රමාණවත් නොවේ නම් නව නීති ගෙන ඒමට වුවත් රජය සූදානම් යැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පැවසීය.

      මෙම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක කමිටුවේ (කෝප් කමිටුව) වාර්තාව අල්ලස් කොමිසම, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබාදීමේ හැකියාව කෝප් කමිටුවේ සභාපති සුනිල් හ`දුන්නෙත්ති මහතාට ඇතැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඔහු ඒ සම්බන්ධව ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග වෙනුවෙන් සහයදීමටද රජය සූදානම් බව සඳහන් කළේය.

      පසුගිය කාලයේ රාජ්‍ය ආයතන 19ක සිදුවී ඇති වංචා දූෂණ රැසක් පසුගියදා නිකුත් වූ කෝප් වාර්තාවකින් හෙළි කර ඇතැයි කී වික‍්‍රමරත්න මහතා එම ආයතන සම්බන්ධයෙන් ද ඉදිරි ක‍්‍රියාමාර්ග ගත යුතු බව පැවසීය.

      ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආදී ආයතනවල සිදුවූ මහා පරිමාණ වංචා රැසක් පවතින බව ද කී ඔහු එම වංචා පිළිබඳ සැලකීමේදී මහ බැංකුවේ සිදුවූ බැ`දුම්කර වංචාව ඉතිහාසයේ විශාලතම වංචාව ලෙස හැඳින්විය නොහැකි බව ද කීවේය.

      නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

web_IranDSC_0276