‘බැනට් කුරේ සතුටින් එයි‘


වසරකුත් මාස තුනක තම සේවය හාමාරකිරීමට කාලය එලැඹ ඇතැයි ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා එසැණට පැවසීය. තානාපති සේවයේ දේශපාලන පත්වීම් ලැබුවන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නව රජය තීරණය කිරීමත් සමග තමා ලංකාවට කැඳවා ඇතැයි ඔහු කීවේය.

‘මම එනකොට ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් දේශපාලන වශයෙන් යම් තරමට බෙදිලයි හිටියේ. ඔවුන් අතරට දේශපාලනය නොගෙනිහින් ඔවුන්ව සමඟ කරන්න මට පුළුවන් වුණා. මම හැමෝටම ඇහුම්කම් දුන්නා‘.

ජංගම සේවය නැවතිලයි තිබුණෙ. නැවත පටන්ගත්තා. බ්‍රාහස්පතින්දා හවස් වරුවේ රෝමයේ ශ්‍රී ලාංකිකයනට නිවාඩු නිසා මම තානාපති කාර්යාලයේ සේවය ඔවුන් වෙනුවෙන් වෙන් කළා.ලංකාවේ සංස්කෘතිය, සංවර්ධනය, සංචාරක විව්‍යාපරය ගැන ලියවුණු පුවත්පතක් සිංහල ඉංග්‍රීසි ඉතාලි හා දෙමළ භාෂාවලින් මසකට වරක් නිකුත් කරන්න මට පුළුවන් වුණා. පසුගිය වසරේ ජිනීවා මානව හිමිකම් සැසිවාරය අතරතුර ජිනීවා මානව හිමිකම් ආසියානු කලාපය භාර අධ්‍යක්ෂක හමු වී සාකච්ඡාවක් පැවැත්තුවා. යුරෝපා ත්‍රස්ත විරෝධී සංවිධානයේ ප්‍රධානියා හමු වී යුරෝපයේ කොටි ත්‍රස්තවාදීන් පිළිබඳව දැනුවත් කළා. ඉතාලියේ ජිවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ පොදු උත්සව වලට පෞද්ගලික වියදම් කරමින් මමත් මගේ නෝනත් සහභාගී වුණා අවස්ථා අනන්තවත් තිබුණ. ඉතාලියේදී දේශපාලන කළේ නැහැ. මම සතුටින් නැවත මගේ රටට යනවා. ‘ජනතාවගේ කැමැත්ත අනුව සිදු වුණු ආණ්ඩු පෙරළිය දිහා සුභවාදීව බලනවා. මම සහභාගී වන අන්තිම ජංගම සේවය මේ මාසේ 14/15 මිලානෝ නුවරදී පැවැත්වෙනවා‘.