බාහිර උපාධි චක්‍රලේඛය හකුලා ගන්නා තුරු රට පුරා දැවැන්ත උද්ඝෝණ ව්‍යාපාරයක් සිදු කරන බව සමාජවාදී තරුණ සංගමය හා බාහිර උපාධි සිසු කප්පාදුවට එරෙහිව එරෙහි සංවිධාන එකතුව අද (25) කොළඹ සමාජයීය හා සාමයික කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය.
එහිදී අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර කියා සිටියේ බාහිර උපාධිය පදනම් කරගෙන සිසු කප්පාදුවක් ක්‍රියාත්මක වන බවත් ඊට අදාල වර්තමාන ආණ්ඩුව නිකුත් කර ඇති චක්‍රලේඛනය වහා අහෝසි කරන ලෙසත් ය.
‘අපි කියමනක් අහලා තියෙනවා බීරි අලින්ට ඇහෙන්න විශාල ශබ්දයක් අවශ්‍යයි කියලා. ඉතින් ඒ නිසා තමයි අපි තනි තනියෙන් නගන සද්දයට වඩා එකතු වෙලා පවුරක් ලෙස හඩනගන ශබ්දය ඊට වඩා ප්‍රබල වෙයි කියලා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ඔබ බිහිරන් සේ සිටී නම් අපි පවුරක් සේ ඒකාබද්ධ වී මෙම සටහනට මැදිහත් වෙනවා. තරුණ අපේ ජීවිත තුළ අධ්‍යාපනය කියන්නේ හරියටම ජීවිතයේ අඩක්. අපේ අම්මලා තාත්තලා ඉතාමත් අමාරුවෙන් දුක්විදලා මහන්සිවෙලා තමයි අපිට අපේ අධ්‍යපානය ලබාදෙන්න ඉඩකඩ හදන්නේ. මේ ක්‍රමය තුළ ඉගෙන ගත්තොත් විතරයි ජොබ් එකක් ගන්න පුළුවන් කියන මතය සමාජය තුළ තියනවා. ඒ නිසා තමයි කවුරු මහන්සිවෙලා ඉගෙන ගන්න උත්සාහ කරන්නේ‘ යැයි ඔහු කීවේය.