ශ්‍රී ලංකාවේ ගැහැණු දරුවන් අධ්‍යාපනය ලබන සියලු පාසල්වල බාලදක්ෂිකා ව්‍යාපාරය ක්‍රියාත්මක කළ යුතු බව තම අදහස යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (12) කොළඹ දී පැවසීය. ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ ශත සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් වික්‍රමසිංහ මහතා මේ බව කීවේය.
අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡා කර ඊළඟ වසර පහ ඇතුළත බාලදක්ෂිකා ව්‍යාපාරය පාසල් මට්ටමින් රටපුරා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන තමාට බාරදෙන ලෙස බාලදක්ෂිකා ව්‍යාපාරයේ ප්‍රධාන කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටින බවද අගමැතිවරයා සඳහන් කළේය.





