‘යුද්ධය ජයග්‍රහණය කළ හමුදාව බ්‍රිතාන්‍යය ආධාර හා උපදෙස් මත පරාජිත හමුදාවක් කරන්න එපා කියලා රටට ආදරේ පිරිසක් විදිහට අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා‘ යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එහි ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා පැවසීය.
‘බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හිගෝ ස්වායර් ලංකාවේ යුද හමුදාවට පවුම් මිලියන 6.6ක් නැත්නම් රුපියල් මිලියන 200කට මදක් වැඩි මුදලක් දෙන බව ලංකාවේදී ප්‍රකාශයට පත්කළා. එතකොට කොටි හිතවාදී දෙමළ බලවේග වල පීඩනය හමුවේ ඇයි ලංකාවට සල්ලි දුන්නේ කියලා එරට සියෝෆෝන් මැක්ඩොනා මන්ත්‍රිවරිය ප්‍රශ්න කළාම ස්වායර් ඊට උත්තර යවනවා ශ්‍රි ලංකාවට මුදල් දෙන්නේ වෙන මොකටවත් නෙවෙයි යුද අපරාධ සම්බන්ධයෙන් වග විමේ ක්‍රියාවලියට අවශ්‍ය යටිතල පහසුකම් හදන්න. යුද අපරාධ පරික්ෂණ ඉදිරියට කරන්න හමුදාවේ සිදුකළ යුතු වෙනස්කම් කරන්න. බ්‍රිතාන්‍යය හමුදාව ආදර්ශයට අරගෙන අපේ හමුදාව හදන්නයි හදන්නේ කියලා. කවුද මේ ආදර්ශයට ගන්න හදන්නේ යුද අපරාධ ඉරාකය හා ඇෆ්ගනිස්තානය කල බවට ලෝකය පුරා මාධ්‍ය චෝදනා කිරීම නිසාත් බ්‍රිතාන්‍යය හමුදාව සිදුකළ යුද අපරාධ සොයා බලන්න චිල්කොට් කොමිසම පත්කළේ බ්‍රිතාන්‍යය. අපේ රටෙත් ඊට සමගාමිව පත්කළා. උගත්පාඩම් කොමිසම. උගත්පාඩම් කොමිසම මාස 16ක් ගත වන විට තමන්ගේ වාර්තාව රටේ ජනාධිපතිවරයාට බාර දෙද්දි වසර 6ක් ගතවෙලත් චිල්කොට් වාර්තාව තාම ලබා දීලා නෑ. හමුදාවෙන් බලපෑමක් තියෙනවා බ්‍රිතාන්‍යය ආණ්ඩුවට රාජ්‍ය රහස් වලට සංවේදි නිසා මෙය හෙළි කරන්න එපා කියලා. අද වෙනතුරු චිල්කොට් වර්තාවේ තියෙන්නේ මොනවද කියලා ලෝකය දන්නේ නෑ. අපේ රටේ උගත් පාඩම් කොමිසම හදලා රණවිරුවන්ට දඩුවම්කරලා තියෙනවා, හිරේදාලා තියෙනවා, මරණ දඩුවම නියම කරලා තියෙනවා. එහෙම නම් මේ කිසිත් නොකර බලපෑම් කරලා ඉරාකයේ පමණක් සමාන්‍ය ජනතාව දස ලක්ෂයක් පමණ ඇමරිකාව,බ්‍රිතාන්‍යය ඇතුලු මිත්‍ර හමුදාව මරා දමා තිබෙනවා. මේවා හංගන් ඉන්න බ්‍රිතාන්‍යය ඒ වගේ ලංකාවේ හමුදාව හදනවා කියනවා.‘ යැයිද ගම්මන්පිල මහතා කීවේය.


