(අංජුල මහික වීරත්න )
මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ අඩුපාඩු තිබෙනවානම් තමන්ට බහුතරයක් ඇතැයි යෝජනාවක් හෙට (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස යෝජිත රාජපක්ෂ ව්‍යාජ ආණ්ඩුවට අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මැතිවරණ දෙකක් අතර අග්‍රාමාත්‍යවරුන් වෙනස් වු විට දෙවැනි වතාවට පත්වන අගමැතිවරයා පළමුවෙන්ම කළ යුත්තේ පාර්ලිමේන්තුවට පැමිණ තමන්ට බහුතරයක් ඇතැයි පෙන්වීම බව කී කිරිඇල්ල මහතා මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය පෙන්වීම සඳහා අවස්ථා දෙකක් ලබා දුන්නද ඔහු ඒ දෙකෙන්ම ප්‍රයෝජන නොගත් බවත් සඳහන් කළේය.
පසුගිය සිකුරා දින කතානායකවරයාගේ ක්‍රියාකලාපය 100% ක් නිවැරදි බව කී මන්ත්‍රීවරයා 1930 දශකයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට බෝම්බ දැමු විට අසල පල්ලියකට කතානායකවරයාගේ ප්‍රදානත්වයෙන් රැස්වී වින්ස්ටන් වර්ඩ්ල් අගමැති කර රට ආරක්ෂා කළ බව සඳහන් කළේය.