‘බස්නාහිර මහ ඇමැති බලන් ඉඳී‘


ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු ලෙස තවමත් සිටින තමා නව ජනපතිට දේශපාලන වශයෙන් සහයෝගය දෙනවාදැයි තවම තීරණය කර නැතැයි බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා එසැණ ට කීවේය.

‘අපි හිතුවා අපේ ජනාධිපතිතුමා ගැන ජනතාව විශ්වාසය තබා ඡන්දය දෙයි කියා. ඒ නිසයි අපි කිව්වේ ජනාධිපතිතුමා දිනන බව. රටේ ජනතාවට වෙනසක් අවශ්‍ය නම් අපිට කරන්න දෙයක් නෑ.

අපි බලන් ඉන්නවා දින සියයේ වැඩසටහන කරන ආකාරය ගැන. හෙළ උරුමය හා දෙමළ ජාතික සන්ධානය එකට කටයුතු කරන ආකාරය අපි බලාගෙන ඉන්නවා.

අපේ පළාත් සභාවේ බලය ගැන දැනට ගැටළුවක් නැහැ. ‘