බලු පැටවුන් විකිණීමට ඇති බව පවසා තමන්ගේ දුරකතන අංක යොදා පොස්ටර් ගසා ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර හා නීතීවේදි නිමල්කා ප්‍රනාන්දු මහත්මිය කොළඹ කොටුව පොලිසියට අද පැමිණිලි කළහ.
ජර්මන් ෂෙපඩ්, රොඩ් වීලර්, ලැබ්රඩෝර්, බුල් මැස්ටිෆ් හා ගෝල්ඩන් රිට්රීවර් බලු පැටවුන් විකිණීමට ඇති බව එම පෝස්ටර් වල සඳහන් වෙතියි ද, පෝස්ටර් ගැසූ අය කවුදැයි හඳුනාගෙන නැති බව ද පොලිසිය කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ කියා සිටියේය.
බලු පැටවුන් ගැන නිමල්කා ප්‍රනාන්දු මහත්මියගෙන් විස්තර විමසූ අය කතා කළ දුරකතන අංක පිළිබඳ තොරතුරු පොලිසියට දෙන්නැයි මහේස්ත්‍රාත් දුරකතන සමාගම් තුනකට නියෝග කළේය.

