පසුගිය ආණ්ඩුව කළ පව් සුද්ධ කිරීමට ඇති නිසා යම් ප්‍රමාදයක් ඇතත් බලාපොරොත්තුවන රැකියා, වරප්‍රසාද ලැබෙන බවත් ඒ කිසිදෙයක් අමතක කර නැති බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කීවේය.
ගම්පහ ප්‍රදේශයේ තම ආධාරකරුවන් වෙනුවෙන් ජාඇල ගුරුගේ පාර්ක්හි පැවැති සුහද හමුවට එක්වෙමින් විජයවර්ධන මහතා මේ බව පැවසීය.
‘ඇවන්ගාඩ් ආයතනයට අවශ්‍ය බලපත් ආදිය ලබාදුන්නේ පසුගිය ආණ්ඩුව. ඒ ගැන විනිවිද බවකින් යුත් පරීක්ෂණයක් කර අවසන් කිරීමට බලාපොරොත්තු වනවා‘ යැයිද ඒ මහතා සඳහන් කළේය.
කිසිදිනක හොරුන් ආරක්ෂා නොකළ බවත් පසුගිය රජයේ වැරදිකරුවන් සොයා සිදුකරන පරීක්ෂණ සඳහා යම් කාලයක් ගතවන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.




