වයස අවුරුදු 13ට අඩු දරුවන්ගෙන් සීයයට 25කට වඩා වැඩි පිරිසක් ‘ඇදුම‘රෝගයෙන් පෙළෙනා බව සෞඛ්‍ය අංශ සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
ඇදුම රෝගයේදී ඇති වන අධික කැස්ස (රාත්‍රිය) කැස්ස සමඟ ඇති වන වමනය,හතිය ,නිතර ඇතිවන ශ්වසන බාධාවන් ගණන් නොගෙන සිටීමත් රෝගී ප්‍රතිකාර වෙනුවෙන් ලබා දෙන ඉන්හේලර් භාවිතා කිරීමට දක්වන අනිසි බියක් දරුවන්ගේ ඇදුම රෝගය උත්සන්න වීමට හේතු තිබේ.
රෝග ලක්ෂණ පහළ වී ඇති දරුවන් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙතට යොමු කර ප්‍රතිකාර ලබාගත යුතු වේ.
එසේ නොමැතිව රෝග ලක්ෂණ තාවකාලික මැඩ පැවැත්විමට ෆාමසි වලින් ඖෂධ හිතුමතේට ලබා දීම රෝගය දරුණු වීමට ප්‍රධාන තවත් හේතුවක් බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඒෂාන්ත් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
කුමන ලය රෝගී තත්ත්වයක් හෝ නොසලකා හැරීම නොකළ යුතු අතර දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම සිටින ලය රෝග විශේෂඥවරුන් වෙතට යොමුව රෝග විනිශ්චය කර ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

